Monday, December 31, 2012

ගණිත ගැටලුව

ගණිත ගැටලුව

එක්තරා ගමක තාත්තා හා A,B,C යනුවෙන් පුතුන් තිදෙනෙක් ජිවත් උනා, ගොඩාක් වයස් ගතව සිටි තාත්තා ඔහුගේ වස්තුව පුතුන් තිදෙනා අතරේ බෙදා දීමට තිරණය කළා. ඔහුගේ වස්තුව වශයෙන් තිබුනේ රත්තරන් පෑන් 17 ක්, ඒ අනුව ඔහු ඔහුගේ රත්තරන් පෑන් 17 පිළිවෙලින් 1/9,1/3,1/2 වශයෙන් A,B,C අතර බෙදා ගන්නා ලෙස පවසමින් මිය ගියා.
දැන් පුතුන්ට ලොකු ප්‍රශ්නයක් උනා මෙම රත්තරන් පෑන් 17 බෙදා ගැනිමට ඒ අනුව මෙම ප්‍රශ්නය විසදීම සදහා ඔවුන්ගේ ලොකු තත්තා හමු වෙන්න ගියා. ඔහු එය හරියාකාරව  A,B,C අතර බෙදා දීමට සමත් උනා දැන් ප්‍රශ්නය A,B,C ට ලැබුනු පෑන් ගණන  කොපමනද??????
ඔහු එය හරියාකාරව බෙදුවේ කෙසේද??????

පුලුවන් නම් කියන්න 


සුභ නව වසරක් වේවා සැමටම





සුභ නව වසරක් වේවා සැමටම

Sunday, December 30, 2012

ජිවිතය සුන්දර ද ?




ජිවිතය සුන්දර ද ?

ඔයාලා අපි හිතන තරම් ජිවිතය ඒ තරම් සුන්දර නැහැ.
පුoචි කාලේ හැමෝම අපි වටේ.ඇයි අපි හුරුබුහුටි නේ…
ටිකක් උස් මහත් වෙනකොට අපි ඔය කාවවත් ගණන් ගන්නේ නැහැ.
අපි හැමදේම දන්නවා.
කෙල්ලෙක්,කොල්ලෙක් යාලු කරගෙන ජිවිතේ ආතල් එක ගන්න ඔයලා අපි කොච්චර ආසද …

මොන දේට ත් අතේ සත පහක් නැතිව බැහැ කියලා අම්මා තාත්තා කියපු නිසා ඕo  රස්සාවක් හොයනවා.
ඒකත් හරි කියමුකො,
කීයක් හරි ඉතුරු කරගන්න try කරත් අන්තිමේදී බැoකු පොතේ රු 10 යයි ශත 38 ඉතුරු.

අම්මා තාත්තා කියන දේ අපිට වහ කදුරු වගේ අපි අපිට ඕන දේ කරනවා කොහොම හරි.
කසාද බැදලා දරුවෙක් මල්ලෙක් හැදෙන කොට ඕo  ජිවිතේ බර තදින්ම දැනෙනවා.
කාගෙන් පිහිටක් ද,
අපි පරක්කු වැඩි. ඒ වෙනකොට අම්මා තාත්තා වයසට ගිහින්.
අපි තනි වෙලා. ජිවිතේ තව දුරයි .
කොහොම ජිවත් වෙන්නද.
අපිව තේරුම් ගත්තේ අපේ අම්මා තාත්තා විතරයි.

අපේම අය ළග නැති වෙනකොට ජිවිතේ ඒ තරම් සුන්දර නැහැ නේද????????  



                                                                                                 ජයා   


මට ජිවිතේ ගැන හිතන දේ ලිව්වා ඔයාලගේ අදහසුත් ඒකතු කරලම ,,,
 

අමාවකයි සදළුතලේ






අමාවකයි සදළුතලේ

     සදළුතලෙන් ඔබ   -     එබිකම් කෙරුවා 
පෙර මග යන දා    -      වීදි  ඉමේ

හැමදාමත් ඔබ             -       දකින්න ආවේ  
සෙනෙහස පිරි      -      ලය හදිනි ප්‍රියේ

හොරහින් බලනා   -      පුoචි කුමාරිය
නුබ කව්රුන්දෝ   -      කියනු මැනේ

අද ඒ දසුනත්         -      දකින්න නැත්තේ
කොහි සැගවුණිදෝ-     හොර රහසේ

යළි ඔබ දැකුමට    -      පෙර මග ආ මා
එබිකම් කෙරුවා    -      සදළුතලේ

නොයන ගමන් ඔබ -    යන්න ගියේ ඇයි
තනිකර මා මේ      -      විදී කොනේ

දකින්න ආසයි              -      ඔබ රුව සැමදා
තනි වි ගිය ඒ         -      සදළුතලේ

ජයා   


මේ මගේ පළමු නිර්මාණය හොදයි නම්  comment කොටලම යන්න