Tuesday, March 5, 2013

වාරුව නුබයි




වාරුව නුබයි

හද කිරණ වැටුණාට
උදෑසන ගේමිදුලට….
අවදිවන්නට නොහැක
කුමක් හෝ කළ පවට ….

යම්තමට වාරු ගෙන
සoසාරේ ඇවිදින්න ….
හැකි නොවේ කිසිදාට
නුබේ වාරුව නැතිව ….

එහෙත් ඔබ සදාකල්
නොවන බව දනිමි මo ….
සoසාරේ ගමන යo
එනවාද අත් බැදන් ….

අතර මග දමා මා
යන්නට හිතන්නේද?
එසේ නම් මේ සිතේ
පැතුම් පොදි නොබදින්න….  

මෙම මා විසින් නිර්මාණය කරන ලදි මෙය වෙන blog වල පළ කීරීමෙන් වලකින්න මාගේ නිර්මාණ තවත් ඔප මට්ටම් කිරිම සදහා ඔබගේ අදහස් පළ කරන ලෙස ඉල්ලා සිටිමි

කවියෙන් කවිය


 
කවියෙන් කවිය

පැනයක් අසන්නට අවසර දෙනවාද ?
ඇයි ඔබ ඔය තරම් ලෙන්ගතු විමලාට …..


මෙම මාතෘකාව කවියෙන් පැනයක් අසන අතර මේ සදහා පේළී දෙකකින් පිළිතුරු දිය යුතුයි
ඔබගේ පිළිතුරට මා විසින් තවත් පිළිතුරු ලබා දෙමි